දෙල්කඳ පැඟිරිවත්ත දුම්රිය ස්ථානය අසල ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මීට නොබෝ වේලාවකට පෙර මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදු වී ඇති අතර කිසිවෙකුට හානි සිදු වී නැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.