මන්නාරම, තිරුකේතිස්වරන් ප්රදේශයේ තිබී මිනිස් ඇට සැකිළි කොටස් බවට සැක කෙරෙන අස්ථි කොටස් හමුවී තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වසා දමන ලද පාළු ළිඳක් තුළ කළ කැණීම්වලදී මෙම අස්ථි කොටස් හමුවූ බවයි.
මීට වසර 5 කට පෙර මිනිස් ඇට සැකිලි 96 ක් හමුවූ තිරුකේතිස්වරන් සමූහ මිනීවලට ආසන්නයේම මෙම ළිඳ පිහිටා තිබුණා.