ඇල්ල බණ්ඩාරවෙල බෙරගල කඳුවැටියේ ගින්නක් පැතිර යමින් තිබෙනවා.
මේ වන විටත් අක්කර 300ක් පමණ විනාශ වී ඇති බවයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.
ගින්න තවදුරටත් පැතිර ගියහොත් රාවණාඇල්ලේ ජලය සිඳී යාමට ද බලපෑම් සිදුවිය හැකි බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.