පුනරුත්ථාපනය ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීරවලට විස එන්නත් කොට ඇත්දැයි පරීක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වන යෝජනාවක් උතුරු පළාත් සභාවට ඉදිරිපත් වී තිබෙනවා.
මුලතිව් දිස්ති‍්‍රක් උතුරු පළාත් සභා මන්තී‍්‍ර ටී රවිහරන් සකස් කළ යෝජනාව එම පළාත් සභාවට ඉදිරිපත් කර ඇත්තේ පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් විසින්.
අදාළ පරීක්ෂණය සදහා ආණ්ඩුව සහයෝගය ලබාදිය යුතු බවද අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් සී වී විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පසුව කෙරුණු විමසීමකදී උතුරු පළාත් සභා මන්තී‍්‍ර ටී. රවිහරන් ප්‍රකාශ කර ඇත්තේ පුනරුත්ථාපනය ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් 107 දෙනෙකු හදුනා නොගත් රෝගයකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කෙරුණු බවයි.