Wednesday, January 8, 2025

General line - 0115112241

විෂ එන්නත් කළාදැයි බලන්න රජය සැරසෙයි




පුනරුත්ථාපනය කෙරුණු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ශරීරවලට විෂ එන්නත් කොට ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන බව රජය පවසනවා.

සමකැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (10) ප‍්‍රකාශ කළේ දේශීය වෛද්‍යවරුන් ලවා එම පරීක්‍ෂණය සිදු කිරීමට සූදානම් බවයි.

පුනරුත්ථාපනය කෙරුණු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ශරීරවලට විෂ එන්නත් කර ඇති බවට උතුරු පළාත් සභා මන්තී‍්‍ර ටී. රවිහරන් සකස් කළ යෝජනාවක් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසින් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

එහි දක්වා ඇත්තේ පුනරුත්ථාපනය කෙරුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 107 දෙනෙකු හඳුනානොගත් රෝගයකින් මියගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවයි අදාළ යෝජනාවේ දැක්වෙන්නේ.