Wednesday, January 8, 2025

General line - 0115112241

සමුගත් එල්මෝට මෛත්‍රීගෙන් ලැබුණු සහතිකය (PHOTOS)




ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දුගේ අභාවය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව සමස්ත සමාජයේ සියලු අංශ වලට අත් වූ මහත් පාඩුවක් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

දිවියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා වෙනුවෙන් සිය උපහාරය පළ කිරීම සඳහා පැමිණි අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

“අද මාධ්‍ය චරිත පිළිබඳව විවිධ විවේචන තියෙනවා. විවිධ නිර්වචන තියෙනවා. ප්‍රශ්න තියෙනවා. මාධ්‍යවේදීන්ට අවශ්‍ය සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒත් එල්මෝ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ පහළ වූ සැබෑ පරිණත චරිතයක්” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

unnamed (1) unnamed


කොළඹින් ඇසුණු ‘හඬ’ දැන් අවසන් ගමනේ

Aug 11, 2016 @ 17:08

ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් දේව මෙහෙය මේ වන විට පැලවත්ත රෝමානු කතෝලික දේවස්ථානයේ දී පැවැත්වෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු රෝමානු කතෝලික දේවස්ථානයේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

1941 වසරේ දී හලාවත දී උපන් එල්මෝ ප්‍රනාන්දු මහතා1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එක්වූ අතර පසුව1994 වසරේදී බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය හා සම්බන්ධ වුණා.

එහි කොළඹ වාර්තාකරු ලෙස ඔහු වසර 20ක් පමණ සේවය කළා.


එල්මෝ ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Aug 11, 2016 @ 05:51

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ප‍්‍රනාන්දු මහතා අද (11) අලුයම අභාවප‍්‍රාප්ත වුණා.

පසුගිය කාලයේ රෝගාතුරවී සිටි ඒ මහතා මියයන විට 75 වන වියේ පසු වුණා.

කලක් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ එල්මෝ ප‍්‍රනාන්දු මහතා අවසන් වශයෙන් බී.බී.සී. ලෝක සේවයේ සිංහල අංශයේ සේවය කළා.

දේහය පිළිබද අවසන් කටයුතු අද (11) පස්වරු 4.00 ට පැලවත්ත රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. එල්මෝ ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එම කටයුතු සිදු කෙරෙනවා.

එල්මෝ ප්‍රනාන්දු මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙක්. වර්ෂ 1941 දී හලාවත උපන් එල්මෝ ප්‍රනාන්දු ජනමාධ්‍යවේදියෙකු ලෙස පළමුව ගුවන් විදුලියට එක් වන්නේ 1969 වර්ෂයේදීයි. ඉන්පසු 80 දශකයේ පිලිපීනයේ වෙරිටාස් ගුවන් විදුලියට එක්වන ඔහු 1993 වර්ෂයේ සිට බී.බී.සී සංදේශයේ කොළඹ වාර්තාකරු ලෙස සේවය කළා.

මාධ්‍යවේදියෙකු පමණක් නොව එල්මෝ ප්‍රනාන්දු මහතා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකුද වනවා.  පාස්කු නාට්‍යයන්හී කැපී පෙනුන රංගන ශිල්පියෙකු ලෙස ඒ මහතා ජනප්‍රියව සිටියා.

“බීබීසී ලෝක සේවයේ සංදේශයට එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට…” යනුවෙන් කල සඳහන එක්තරා ආකාරයකට ඔහුගේ අනන්‍යතාවය ගුවන් තරංග අතර සදාකාලිකවම සනිටුහන් කල සන්නාමය වුණා. නිවේදකයකු ලෙස ඔහුට ආවේණික වූ භාෂා ශෛලිය, ප්‍රතාපවත් හඬ පෞරුෂය සහ ඉදිරිපත් කිරීමේ අභිමානවත් විලාශය, ජාත්‍යන්තර මට්ටමින් සිංහල භාෂා ජනමාධ්‍යවේදියෙකුට යා හැකි ඉහළම මට්ටම දක්වා යාමට එල්මෝ මහතාට උපකාරී වූ බවයි ඔහුගේ සමීපතමයින් සඳහන් කරන්නේ.

 

l mo