Friday, January 17, 2025

General line - 0115112241

බංග්ලාදේශයට ලබාදුන් දඩුවම් පහර ගැන මතභේදයක්




මාලදිවයිනේදී ආරම්භ වු දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති තරගයේදී බංග්ලදේශ කණ්ඩායමට විනිසුරුවරයා ලබාදුන් දඬුවම් පහර අවස්ථාව පිළිබද මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. 

ඊයේ පැවති මෙම තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම, ශ්‍රී ලංකාව පරාජය කරමින් ගෝල 1ට බින්දුවක් ලෙස ජය හිමිකර ගත්තේ මෙම දඩුවම් පහර සාර්ථක කර ගනිමින්. 

ශ්‍රී ලංකා දැලට මදක් ආසන්නයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ අතෙහි පාපන්දුව වැදීම හේතුවෙන් බංග්ලාදේශයට මෙම දඩුවම් පහර අවස්ථාව ලබාදුන්නා.

 කෙසේ වෙතත් වීඩියෝ පුනරූපන දර්ශනවලින් පෙනී ගියේ පාපන්දුව ශ්‍රී ලංකා ක්‍රීඩකයා අතෙහි ශ්‍රී ලංකා දැල සීමාවේ කොටුවට පිටතින් වදින ආකාරයක්. 

කෙසේ වෙතත් ප්‍රධාන විනිසුරවරයා එය ශ්‍රී ලංකා දැල සීමාවේ කොටුව තුළ සිදු වූ බව සටහන් කිරීමත් සමග බංග්ලාදේශය දඬුවම් පහර අවස්ථාව හිමි වුණා. 

56 වැනි මිනිත්තුවේදී එය සාර්ථක කර ගත්  ටෝපු බාර්මන් බංග්ලාදේශය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. 

තරගයේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තියුණු තරග රටාවක නිරත වූ අතර එම අර්ධයේදී කිසිදු කණ්ඩායමක් ගෝල වාර්තා කිරීමට සමත්වූයේ නැහැ. 

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ සහභාගි වන මීළග තරගය ලබන 4 වැනිදා නේපාලයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.