Wednesday, January 8, 2025

General line - 0115112241

හන්තානේ දී දැරියන්ට ‘ලිංගික හිංසන කිරීමේ චූදිතයා’ උසාවියේ ක්ලාන්ත වෙයි (PHOTOS)




මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් මහනුවර හන්තානේ පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පිරිසකට ලිංගික හිංසන කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් නැමැත්තා අගෝස්තු 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (11) නියෝග කර තිබෙනවා.

අත්අඩංගුවට පත්වූ ආයතන ප්‍රධානියා වන චන්දිමාල් ගමගේ සමග ආයතනයේ පාලිකාව ඉමේෂා කුමාරි හා අයකැමිවරිය ද ලබන 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

රිමාන්ඩ් භාරයට නියම වූ නිමල් පීරිස් ක්ලාන්ත වීම නිසා රෝහල් ගත කළ බවයි වාර්තා වන්නේ.

දැරියන්ගේ පාර්ශවය වෙනුවෙන් නීතිඥවරු 11 දෙනෙක් ස්වේච්ඡාවෙන් නඩුව සඳහා ඉදිරිපත් වුණා.

සැකකරුට දේශපාලන සබඳතා හා ඉහළ නිලධාරීන්ගේ සහාය ලැබිය හැකි නිසා නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම පිණිස තමන් පෙනී සිටින බවයි ඔවුන් කියා සිටියේ.

unnamed (1) unnamed (2) unnamed (3) unnamed