Wednesday, January 15, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පිල දෙවන එක්දින තරගය ලකුණු 26 කින් ජය ගනියි




සංචාරක ඔස්ට්‍රේලියාව සමග පැවැත්වූ දෙවන එක්දින තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුවයි.

කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 47.4 කදී කඩුලු 9ක් දැවී ගොස් ලකුණු 220ක් රැස් කර ගනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36ක්, දසුන් ශානක සහ ධනංජය සිල්වා ලකුණු 34 බැගින් රැස් කර ගනු ලැබුවා.

වර්ෂාවෙන් එල්ලවූ බාධාවන් හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 42 කට සීමා කෙරුණු අතර එහිදී ඔවුන්ට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රාහණය සඳහා ලකුණු 216ක ඉලක්කයක් හිමි වුවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වරක තරගයේ පාලනය සියතට ගෙන තිබුණද අවසන් පන්දු ඕවර කිහිපයේදී චාමිකර කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් කඩුලු 05 ලකුණු 19කට දවා ගැනීමට සමත් වුවා.

පන්දු යැවීමේදී චාමිකර කරුණාරත්න ලකුණු 47 ට කඩුලු 3ක් දවා ගනු ලැබුවා. එමෙන්ම දුෂ්මන්ත චමීර, ධනංජය සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ ද කඩුලු 02 ක බැගින් දවා ගැනීමට සමත් වුණා. 

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ දුවද්දී දවා ගැනීමකට ද දායක වූ චාමික කරුණාරත්නටයි. ඔහු තරඟයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේදී පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට පැමිණි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට කතා කලේ මෙලෙසින්.

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා ඔස්ටේ්‍රලියා එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට 1 ට 1ක් ලෙස සමවී තිබෙනවා. තුන්වන තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.