අවි ගත් කණ්ඩායමක් තම නිවසට පැමිණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර අරුප්පල ප‍්‍රදේශයේ පදිංචි නිශාන්ත ද අල්විස් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඊයේ (14) උදෑසන තමන් නිවසේ නොමැති අවස්ථාවක වෑන් රථයකින් පැමිණි පිරිසක් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා ඇති බවයි.
තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස අධිකරණ නියෝගයක් පවා ලබා දී තිබියදී පොලිසිය එය නොසලකා හරිමින් කටයුතු කරමින් සිටින බවයි නිශාන්ත ද අල්විස් සඳහන් කළේ. එම හඬපටය පහතින් දැක්වේ.