Wednesday, November 6, 2024

General line - 0115112241

හිටපු ජනපතිනිගේ ආරක්‍ෂාව අඩු කර නැතැයි ආණ්ඩුව කියයි




හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්‍ෂාව අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

පසුගිය ඔක්තෝම්බර් 31 වනදා සිට 50 දෙනෙකුගෙන් යුතු සිය ආරක්ෂක පිරිස 30 ක් දක්වා අඩු කිරීමට නියම කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිනිය පැවසුවා.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිනියට ආරක්‍ෂකයින් 57 දෙනෙකු ලබා දී ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ.

බලපත්‍ර මත විවිධ පුද්ගලයන්ට ලබා දී ඇති ගිනි අවි යළි භාර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.