Thursday, March 13, 2025

General line - 0115112241

ග්වාතමාලාවේ ගිනි කන්දේ බිහිසුණුකමින් ලාවා මත සිරුරු පාවේ (VIDEO)

6565

දශක කිහිපයකට පසු ගුවාතමාලාවේ හටගත් ප්‍රචණ්ඩතම යමහල් විදාරණයට හසුවීමෙන් පුද්ගලයින් 62ක් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

ෆුඑගෝ ගිනි කන්දෙන් වැගිරුණු ලාවා දහර ගම්මාන හරහා ගලායාම හේතුවෙන් එහි සිටි බොහෝදෙනෙක් මියගියේ නිවෙස් තුළයි.

එරට විශේෂඥයන්ට අනුව මෙය 1974 වසරෙන් පසුව වාර්තාවූ විශාලතම තත්ත්වයයි.

මියගිය පිරිස අතර දරුවන් කීපදෙනෙක් සිටින බව තහවුරුවී තිබෙනවා.

සමාජ මාධ්‍ය වෙත නිකුත්කර ඇති වීඩියෝ දර්ශනවල ලාවා මත පාවෙන පුද්ගල සිරුරු දර්ශනය වන ආකාරයක්ද දකින්නට ලැබ තිබෙනවා.

 

SHARE

You may also like