මෙරට බෞද්ධ දර්ශනය රැකගත යුතු බවත්, එය රැක ගැනීම කාලීන අවශ්‍යතාවක් බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
රටේ පුරවැසියන් ලෙස කුමන මතවල සිටියත් ශ්‍රී ලාංකික බෞද්ධයින් ලෙස ඉතා කල්පනාවෙන් වැඩකළ යුතු බවයි ඔහු පවසන්නේ.
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඉකුත් දා කැලණිය, නාරම්මිනිය පුංචි කැලණිය අශෝකාරාම විහාරස්ථානයේ පැවති සංඛ පත්ම දේව ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමින්.