Friday, April 26, 2024

General line - 0115112241

පොළව මත ඇඳි යෝධ මිනිස් රුව ගැන යළිත් කතාබහක් (VIDEO)

4943

පොළොව මත ඇඳි යෝධ මනුෂ්‍යයෙකුගේ සටහන පිළිබඳ කිසියම් තොරතුරක් ලබා දෙන්නෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් 5,000 ක මුදල් ත්‍යාගයක් ලබා දීමට එරට වෙසෙන ව්‍යවසායකයෙක් ඉදිරිපත් වී තිබෙනවා.

මධ්‍යම ඕස්ට්‍රේලියාවට ඉහළින් පියාසර කරමින් සිටි හෙලිකොප්ටර් නියමුවෙකු විසින් පොළොව මත ඇඳි මෙම යෝධ මනුෂ්‍යයෙකුගේ සටහනක් දුටුවේ මීට වසර විස්සකට ඉහතදීයි.

පොළොවේ සිට නැරඹීමට නොහැකි තරම් විශාලත්වයකින් යුත් බැවින් සංචාරක ගුවන් ගමන් සේවා අතර එය ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා.

තැනිතලා බිමක සටහන් කර ඇති කිලෝමීටර 4.2 උසින් යුත් රුවෙන් ඕස්ට්‍රේලියානු ආදිවාසි දඩයක්කරුවෙකු නිරූපණය කෙරෙන බවයි විශ්වාස කරන්නේ. 'මරි මෑන්' සටහනේ සම්පූර්ණ වටප්‍රමාණය කිලෝමීටර 28 ක්. එහි ගැඹුර මූලික වශයෙන් සෙන්ටිමීටර 35 පමණ වන බවයි වාර්තා වෙන්නේ.

මෙම රුව ඇති සමීපයේ ඇති 'මරී නගරයේ' නාමය අනුව හඳුන්වන 'මරී මෑන්' පොළොව මත ඇඳ ඇති විශාලතම සටහන් අතරින් එකක් වනවා.

නමුත් කවුරුන් විසින් කුමන හේතුවක් සඳහා එය නිර්මාණය කරනු ලැබ ඇත්දැයි යන්න අභිරහසක්.

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයට උතුරින් කිලෝමීටර 700 පමණ දුරින් පිහිටි කාන්තාර ප්‍රදේශයකින් 'මරී මෑන්' සටහන හමුවූ දින පටන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබුණා.

වසර ගණනාවක අවෑමෙන් 'මරී මෑන්' ගේ රුව වියැකී ගිය අතර පසුව එය 2016 වසරේ දී ප්‍රතිස්ථාපනය කරන්නට කටයුතු කර තිබුණා.

SHARE

You may also like