Friday, March 29, 2024

General line - 0115112241

සියල්ලන් භීතියට පත් කරමින් වෙරළට කඩා වැදුණු බෝට්ටුව (VIDEO)

5874

දැඩි ජීවිත අවධානමක් ගෙන බෝට්ටුවක් මගින් මුහුද හරහා පැමිණ ස්පාඤ්ඤයේ Zahora වෙරළට අනවසරයෙන් ඇතුළුවෙන සරණාගතයින්ගේ වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අප්‍රිකානු සම්බවයක් ඇති සරණාගතයින් පිරිසක් මෙලෙස ස්පාඤ්ඤයේ Zahora වෙරළට අනවසරයෙන් ඇතුළුවෙන අයුරු එහි සිටි පුද්ගලයෙක් වීඩියෝ කර තියෙනවා.

මෙම බෝට්ටුවේ 50කට ආසන්න පිරිසක් පැමිණ ඇති අතර බෝට්ටුව වෙරළට ළඟා වූ සැනින් ඔවුන් ගොඩබිමට දුව යන ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා.

ලිබියාව ඇතුලු රටවල පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා යුරෝපයට සරණාගතයින්ගේ පැමිණීම දිනෙන් දින සීඝ්‍ර ලෙස ඉහළ  ගොස් තිබෙනවා.

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය නිසා මෙම වෙරළේ විශාල පිරිසක් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා භීතියට පත් කරමින් මෙම සරණාගතයින් වෙරළ හරහා ගොඩබිම වෙත දුවගොස් තිබෙනවා.

(අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි)

SHARE

You may also like