Saturday, April 27, 2024

General line - 0115112241

උසස් පෙළ දිස්ත්‍රික් කෝටාවට වෙනසක්




උසස් පෙළ ප‍්‍රතිඵල අනුව දිස්ත‍්‍රික් කෝටා ක‍්‍රමයෙන් විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගන්නා ක‍්‍රමය ඉදිරියේදී වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඇතැම් සිසුන් තමන්ට නියමිත දිස්ත‍්‍රික්කයෙන් නොව වෙනත් දිස්ත‍්‍රික්කවලින් වංචනිකව උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනෙක් සිසුන්ට සිදුවිය හැකි අසාධාරණය වළක්වාලීම මෙහි අපේක්ෂාවයි.

තමන්ට නියමිත දිස්ත‍්‍රික්කයෙන් නොව වෙනත් දිස්ත‍්‍රික්කයකින් වංචනිකව උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන් පිළිබඳව මෙවර ද ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.

එවැනි සිසුන්ට අනුබල දුන් බවට තහවුරු වූ විදුහල්පතිවරුන් කිහිපදෙනෙකුට විනය කි‍්‍රයාමාර්ග ද ගත් බවයි මෙහිදී සිහිපත් කෙරුණේ.

විභාග ප‍්‍රශ්න පත‍්‍ර මාරු කර ලබාදීමෙන් සිදුවූ අක‍්‍රමිකතාවක් ද ඊයේ (15) වාර්තා වුණා. මෙවැනි සුළු අක‍්‍රමිකතා සිදුවුවත් ඉකුත් වසරවලට සාපේක්ෂව මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

සිදුවූ සුළු අක‍්‍රමිකතා ද මින් ඉදිරියට සිදුනොවන පරිදි නව ක‍්‍රමවේද සකස් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.