Friday, April 26, 2024

General line - 0115112241

දෙමළ ජාතික සන්ධානය ඇත්ත කියයි




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ආණ්ඩුව සහ අමෙරිකානු එක්සත් ජනපදය සමග තම සංවිධානය එකඟතාවකට පැමිණ ඇතැයි පළ වන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

තම සංවිධානය පෙරදැරූ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි නිවේදනයක් නිකුත් කරමින් මෙම සංවිධානය පැවසුවා.

දෙමළ ජාතික සන්ධානය ශී‍්‍ර ලංකාව තුළ පූර්ණ වශයෙන් සංහිඳියාවක් ඇති කිරීමට කැප වන බව ඒ සඳහා සියලු පියවර ගැනීමට අනාගතයේදී සූදානම් බවත් එම නිවේදනයේ සඳහන්.