Friday, April 26, 2024

General line - 0115112241

කුසල්ගෙන් කැන්ගරුවන්ට එරෙහිව අර්ධ ශතකයක්




ඕස්ටේ‍්‍රලියාව සමග දැන් පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

එය ඔහුගේ සිව්වන එක්දින අර්ධ ශතකයයි. ලකුණු 67ක් රැස්කරගෙන සිටියදී කුසල් මෙන්ඩිස් දැවී ගියා.

පළමුව පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකාව පන්දුවාර 31ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් රැස්කරගෙන සිටියා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි.