Friday, April 26, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්‍ෂයේ හදිසි රැස්වීමක් පස්වරුවේ




ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ පැවැත්වෙනවා.

ඊට සහභාගි වන ලෙස සියලුම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනයට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම ආසන සංවිධායක ධුරවලින් ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන් ඉවත් කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.