Sunday, May 5, 2024

General line - 0115112241

යළි කිසිදිනක අරගලයකට යන්න එපා - ජනපතිගෙන් ඉල්ලීමක්




නැවත කිසිදිනක අරගලයකට නොයායුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි” ජපන් අවන්හල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු “නිහොන්බෂි” ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස විසින් මෙරටට දායාද කරන ලද ප්‍රමුඛ පෙළේ අවන්හලක්.

ගතවුණු වසර 29ක් පුරාවට මෙම අවන්හල දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මෙරට ජනතාවට ප්‍රණීත ජපන් ආහාර වේලක රස බැලීම සඳහා අවස්ථාව සලසාදී තිබෙනවා.

එම අවන්හල නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර පැමිණ සිටි පිරිස සමඟ සුහද කතාබහකද නිරත වුණා.

එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.