Friday, April 26, 2024

General line - 0115112241

බැලුම්ගලින් හෙළි කළ බදුරලිය පොලිසියේ වැඩ ගැන පරීක්ෂණ අරඹයි




බදුරලිය පොලිසියේ සිදු වූ අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනින් කළ අනාවරණය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එ් පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේයි.

බදුරලිය පොලිසිය විසින් වල්ලපට්ට සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී මෙම අක‍්‍රමිකතාව සිදුව තිබූ බවයි නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනින් අනාවරණ කෙරුණේ.

එහිදී එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ වල්ලපට්ට ජාවාරම සම්බන්ධයෙන් නොව නීති විරෝධී මත්පැන් බෝතල් ළඟ තබාගෙන සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

මෙම සිද්ධියට බදුරලිය පොලිසියේ පොලිස් සැරයන්වරයෙකු සම්බන්ධව ඇති බවටයි සැක පළ වන්නේ. එ් අනුවයි පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේ මෙම පරීක්ෂණය ආරම්භ වුණේ.

(බැලුම්ගල එම සම්පූර්ණ වැඩසටහනට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න)

පොලිසියේ වල්ලපට්ටා උසාවියේදී කසිප්පු උන හැටි