15වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ස්ථාපිත ජාතික රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සාර්ථකව අවසන් වුණා.
මෙම උත්සවය සඳහා රජය නියෝජනය කළ මැති ඇමතිවරු සහ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම් විශාල පිරිසක් එක්ව සිටියා.
එම අවස්ථාවට මානුෂීය මෙහෙයුමේදී දිවිදුන් රණවිරුවන්ගේ ඥාතීන් පැමිණ සිටියා.
එමෙන්ම 30 වසරක් පුරා පැවති ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී අබාධවලට ලක්වූ රණවිරුවන් ද එම අවස්ථාවට එක්වුණා.
දිවිදුන් රණවිරුවන් සිහිපත් කරමින් එහිදී පුෂ්පෝපහාර දැක්වීමද සිදුකෙරුණා.
රණවිරු දිනයට සමගාමීව අද දිනයේ සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින් පිරිසකට ජනාධිපතිවරයාගේ උපදෙස් මත උසස්වීම් ලබාදුන් බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේ.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවේ නිලධාරින් 114ක් සහ සෙසසු නිලධාරින් 1,395කට මෙම උසස්වීම පිරිනමා තිබෙනවා.