Wednesday, March 26, 2025

General line - 0115112241

වැස්ස නිසා දරුවන් අතර රෝග පැතිරීමේ අවදානමක්



පවතින වැසි සහිත කාලගුණයත් සමඟ කුඩා දරුවන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ ළමා හතිය, පාචනය, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් මේ දිනවල ළමයින් අතර පැතිර යා හැකි බවයි.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ද මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් පෙන්වා දුන්නා.