Tuesday, March 25, 2025

General line - 0115112241

රනිල් වික්‍රමසිංහ ඡන්දය ඉල්ලනවා කියන එක සජබයට මරු පහරක් - මනූෂ කියයි



එක්සත් ජාතික පක්ෂයේ සභාපති  වජිර අබේවර්ධන,  අමාත්‍ය මනූෂ නානයක්කාර යන අයගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති හමුවකදී මුල්කිරිගල ආසනයේ සජබ සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කෝ මෙහිදී නැවතත්  එජාප සාමාජිකත්වය ලබා ගත්තා.

අමාත්‍ය මනූෂ නානායක්කාර එහිදී අදහස් දක්වමින් මෙසේ පැවසුවා.
 
"සජබය කියනවා රනිල් වික්‍රමසිංහ ඡන්දය ඉල්ලන්නේ නෑ කියලා. එයාලා දන්නවා  එයාලට මරු පහරක් රනිල් වික්‍රමසිංහ ජන්දය ඉල්ලනවා කියන එක කියලා . ඒනිසා සජිත් එහෙම කිය කියා යනවා. ඒ නිසා වැරදි ප්‍රචාරයක් ගෙනියනවා . රට ගොඩ නැගීම එතුමා ක්‍රියාත්මක කරනවා. නිලවශයෙන් එතුමා ජනාධිපතිවරනයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කරාවි.

සජබය බලය අත්පත් කරගෙන ඉන්නේ අද වියත් මගේ හිටපු අය. ඊයේ සජබයේ අයට සජිත් රෑ කෑමක් දීලා. හැබැයි නාලකලගේ ජීඑල්ලගේ ආර්ථික ප්‍රතිපත්තියක් දැන් තියෙන්නේ. බොහෝ අය 3% ගමනට වැටෙන්න දැන් ගමන යනවා."