Monday, May 5, 2025

General line - 0115112241

කළුතර වෙඩි තැබීමේ ඉලක්කය ඡන්ද අපේක්ෂකයෙක්



කළුතර - දකුණ පොලිස් වසමේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු බව පොලීසිය පවසනවා. 

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කළුතර මහනගර සභාවට තරග කරන අපේක්ෂකයෙක්. කළුතර, නාගොඩ, ගම්සභා නිවාස පාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී එම වෙඩි තැබීම සිදුව තිබුණා. 

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. 

තුවාල ලැබූ පුද්ගලයා කළුතර, නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය සඳහන් කළා. 

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කළුතර - දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.