බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ඉදිරි කාල සීමාවේදී මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරි පැය 36 සඳහා අද පස්වරු 04ට නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ මේ බව සඳහන්.
වයඹ පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත්.
මේ අතර පසුගිය පැය 24 තුළද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇද හැලීම හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන හෙට පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.
අදියර 01 සහ 02 යටතේ අවදානම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මෙලෙස කරුණු දැක්වුවා.