Tuesday, March 25, 2025

General line - 0115112241

පාසල් නිවාඩු බවට අසත්‍ය පුවතක්



දිවයිනේ සියලුම පාසල්වලට හෙට දිනයේ නිවාඩු දෙන බවට සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ හෙට එනම් මැයි 22 වනදා දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බවයි.

එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.