Tuesday, March 25, 2025

General line - 0115112241

එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අවසන්



2024 එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මීට නොබෝ වේලාවකට පෙර නිමාවට පත්වුණා.

එහිදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණයි.

කොළඹ කණ්ඩායම විසින් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 20,000ක මුදලකට මතීෂ පතිරණව මිලදී ගනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ගාල්ල කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේ අමෙරිකානු ඩොලර් ලක්ෂයකටයි.

කැන්ඩි බී ලව් කණ්ඩායම සඳහා දසුන් ශානක අමෙරිකානු ඩොලර් 85,000ක මුදලකට මිලදී ගනු ලැබුවා.

මෙම ක්‍රීඩක වෙන්දේසියේ පළමු අදියරේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෙන්දේසියට ඉදිරිපත් කෙරුණද ඔහු කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගනු ලැබුවේ නැහැ.

කෙසේවෙතත් ක්‍රීඩක වෙන්දේසියේ දෙවන අදියරේදී යාපනය කණ්ඩායම විසින් පැතුම් නිස්සංකව අමෙරිකානු ඩොලර් 40,000ක මුදලකට මිලදී ගනු ලැබුවා. 

විදෙස් ක්‍රීඩකයින් අතරින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක කරීම් ජනට් දඹුල්ල කණ්ඩායම විසින් අමෙරිකානු ඩොලර් 80,000ක මුදලකට මිලදී ගනු ලැබුවා.

මුජීබ් උර් රහමන් අමෙරිකානු ඩොලර් 50,000කට ගාල්ල කණ්ඩායම විසින් මිලදී ගත් අතර අසාම් ඛාන් මහනුවර කණ්ඩායම මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 50,000කටයි.