Tuesday, March 25, 2025

General line - 0115112241

උතුරු සහ මඩකලපුව - ත්‍රිකුණාමල මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්



උතුරු සහ මඩකලපුව - ත්‍රිකුණාමල මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රියස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.

කුරුණෑගල සිට උදෑසන 06යි 15ට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රිය එලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

පීලි පැනීමකට ලක්වූ දුම්රිය මැදිරි යළි පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.