විද්‍යුත් රථවාහන ආනයනයට අදාළ සාකච්ඡාවකට කැඳවූ අදාළ පාර්ශව මැයි 14වනදා එම සාකච්ඡාවට සහභාගී නොවුන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ ගැටලුවක් බවයි එම කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.
මේ අතර ජල විදුලි උත්පාදනය ඉහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විෂය භාර අමාත්‍ය කංචන විජේසේකරගෙන් ඉල්ලීමක්ද කළා.
ඉන් අනතුරුව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යෝජනා කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසිගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පල කරන ලෙසයි.
ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් සිය අසුන්වලින් නැගිට මිනිත්තුවක කාලයක් නිහඬව සිටීමෙන් අනතුරුව සභාවේ කටයුතු යළි ආරම්භ කළා.
මේ අතර ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කෙරුණා.