Sunday, February 23, 2025

General line - 0115112241

තරුණයන්ගේ අපේක්ෂා ඉටු කළ හැකි දේශපාලන ක්‍රමයක් මෙතෙක් බිහි වී නැති බවට විද්වත් මත



තරුණයන්ගේ විශ්වාසය දිනාගත හැකි දේශපාලන ක්‍රමයක් මෙරට තුළ මෙතෙක් බිහිවී නැතැයි දේශපාලන විචාරක රසික ජයකොඩි පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර එහිදී සාම්ප්‍රදායික දේශපාලනඥයින්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳවද කරුණු දැක්වුවා. 

තරුණයන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීමට නම් පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතු බවයි එහිදී අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ නීතීඥ ලක්ෂිකා රත්නායක පැවසුවේ. 

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ උප සභාපතිනි මලිති හේවාවසම්ද එහිදී අදහස් පළ කළා.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.