Sunday, February 23, 2025

General line - 0115112241

අමාත්‍ය විජයදාස ඉදිරිපත් කළ පෙත්සමේ කරුණු සලකා බැලීම කල්යයි

උදය කුමාර



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද තුන්වන දිනටත් විභාගයට ගනු ලැබුවා. ඒ, බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේදීයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධනගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කරුණු ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම ලබන 31 වනදා තෙක් කල් තැබුණා.