Wednesday, March 26, 2025

General line - 0115112241

අත්අඩංගුවට ගත් දඹුල්ල ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු රිමාන්ඩ්

උදය කුමාර



ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්. පී. එල් ක්‍රිකට් තරඟාවලියේදී තරඟ පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීයා වූ බ්‍රිතාන්‍ය  පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයෙකු ලබන 31 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුනවල ලබාදුන් නියෝගයකට අනුවයි.

තමීම් රහ්මාන් නමැති මෙම සැකකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශගත වීමට යෑමේදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් අද අත්අඩංගුවට ගැණුනා.