වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙසක් කලාප 420 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පොලිසීය පවසනවා.
තොරණ 321 ක් සහ දන්සැල් 4,726ක් ද සංවිධානය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.
වෙසක් කලාප සංවිධාන කරන සංවිධායකවරුන් සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.
පෙරහැර සංවිධානය කරන්නේ නම් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
කොළඹ නගරය කේන්‍ද්‍රකර ගනිමින් අද සිට ලබන 26 වනදා දක්වා පස්වරු හයයි තිහේ සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවද පොලීසිය පැවසුවා.
ඒ, කොළඹ නගරය තුළ වෙසක් කලාප 5 ක් පැවැත්වීම හේතුවෙන්.
ගංගාරාමය ආශ්‍රිත බුද්ධරශ්මි වෙසක් කලාපය, බෞද්ධාලෝක වෙසක් කලාපය මෙන්ම ලේක්හවුස් ඉදිරිපිට, කොළඹ පුරහල පරිශ්‍රයේ හා බේබෲක් වීදිය හා ඩෝසන් වීදිය ආශ්‍රිතවද වෙසක් කලාප පැවැත්වෙනවා.