Thursday, March 13, 2025

General line - 0115112241

ඉන්දීය උප ජනපති ඉරානයට



ඉකුත් දා සිදුවූ හෙලිකොප්ටර අනතුරින් අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය අද පැවැත්වෙනවා.

ඒ, ඉරානයේ ටෙහෙරාන් අගනුවරදීයි.

ඊට සහභාගි වීම සඳහා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ටෙහෙරානයට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෑතකාලීනව ඉරානය සමග සබඳතා තවදුරටත් වර්ධනය කර ගත් ඉන්දියාවෙන් ද විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් ඉරානයට ගොස් සිටින බව සඳහන්.

එම පිරිස අතර ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කර් ද වනවා.

රාජ්‍ය අවමංගල්‍යය උත්සවයට සහභාගි වන ඉන්දීය උප ජනාධිපතිවරයා ඉන් අනතුරුව ඉරානයේ අන්තර්වාර ජනාධිපති , Mohammad Mokhber ද හමුවීමට නියමිතයි.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම විදේශ අමාත්‍ය එස් ජයශංකර් ද ඉරාන රජයට සහ ජනතාවට සිය ශෝකය ප්‍රකාශ කර සිටියා.