අමෙරිකානු නොවන චිත්‍රපට සඳහා සියයට 100ක තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ අමෙරිකානු චිත්‍රපට කර්මාන්තය වේගයෙන් මිය යමින් පවතින බැවින් අදාළ බදු පැනවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට එක්සත් ජනපද වාණිජ හා වෙළඳ නියෝජිත දෙපාර්තමේන්තුවට බලය පවරන බවයි.
චිත්‍රපට නිෂ්පාදකයින් සහ චිත්‍රාගාර ආකර්ෂණය කර ගැනීම සඳහා අනෙකුත් රටවල් විසින් දරණ ඒකාබද්ධ උත්සාහයට අමෙරිකානු ජනාධිපතිවරයා දොස් පවරා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා සූදානම් බවයි.
කෙසේවෙතත් අදාළ බදු පැනවීම විදේශයන්හි චිත්‍රපට නිෂ්පාදනය කරන අමෙරිකානු සමාගම්වලට අදාළ ද යන්න අමෙරිකානු ජනාධිපතිවරයා නිෂ්චිතව ප්‍රකාශ කර නැහැ.
අමෙරිකාවට භාණ්ඩ ආනයනය කරන ලොව පුරා රටවල් රැසක භාණ්ඩ සඳහා ඉකුත් කාල සීමාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරුබදු පැනවීම ලොව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළා.
කෙසේවෙතත් එම බදු ඉහළ දැමීම එළඹෙන ජූලි මාසය දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
චිත්‍රපට ක්ෂේත්‍රය සඳහා බදු පැනවීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම නව ප්‍රවේශය සිදුව ඇත්තේ එවැනි පසුබිමක් තුළයි.