නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1,289 දෙනෙකු නාවික හමුදාව වෙත භාර වී තිබෙනවා.
ඒ, අප්‍රේල් මස 20 වන දින සිට මැයි මස 20 වන දින දක්වා නාවික හමුදාව විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය තුළයි.
ඒ අනුව, එම කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1,254 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙතත් විදේශගත නාවිකයින් 35 දෙනෙකු මාර්ගගත ක්‍රමය ඔස්සේත් භාර වූ බවයි නාවික හමුදාව පැවසුවේ.
ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු සිදු කරමින් සිටින බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.