Wednesday, March 26, 2025

General line - 0115112241

වෙසක් පොහෝදා මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු STF අත්අඩංගුවට



වෙසක් පොහෝදා මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ වෙළදසැලක් තුළ සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී මත්පැන් බෝතල් 25ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.