කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්.
අදාළ සැකරුවන් පැලපිටියාගොඩ සහ නුගේගොඩ ප්‍රදේශවලදි අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙඹුවන හා මොරොන්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.
සැකකරුවන් සන්තකයේ තිබී ක්‍රියාකාරී නොමැති ටී 56 වර්ගයේ ගිනි අවියක්, හිස් පතරොම් ගැබ් 02 ක්, ජීව පතරොම් 04ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් තුන් ලක්‍ෂ 40,000 ක මුදලක් සහ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුගිය 20 වනදා යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් විසින් කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් තිබූ බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.