දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කර ඇති බැවින් දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යාහැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවා.
මහ ඔය, අත්තනගලු ඔය සහ කළු, ගිං, නිල්වලා, කැළණි සහ බෙන්තර යන ගංඟාවන්හි ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බවද ඔහු කියා සිටියා
මේ අතර පවතින වැසි සහ සුළං තත්ත්වය අද දිනයේ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර පැවසුවේ.