Wednesday, March 26, 2025

General line - 0115112241

පැපුවා නිව්ගිනියාවේ නාය යාම ගැන එක්සත් ජාතීන්ගේන් හද කම්පාකරවන හෙළිදරවුවක් 



පැපුවා නිව්ගිනියාවේ දැවැන්ත නාය යෑමකින් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි විශ්වාස කෙරෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ වනවිටත් ආදළ ස්ථානයේ ගලවා ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වුවත් නාය යෑම තවමත් අවධානම් මට්ටමක පවතින බැවින්  සහන සේවකයින්  ගම්වැසියන් දිවි ගලවා ගත් අය සෙවීමේදී භයානක තත්වයන්ට මුහුණ සිදු විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සිකුරාදා අලුයම අදාළ නායයාම සිදුවු අතර පුද්ගලයින් විශාල පිරිසක් සහ නිවාස රැසක් පස් කඳුවලට යටවී ගොස් තිබුනා 

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ නියෝජිතායතනයේ නියෝජිත සෙර්හාන් ඇක්ටොප්‍රැක් පැවසුවේ “දැන් නිවාස 150කට වැඩි ප්‍රමාණයක් වැළලී ඇති බව ඇස්තමේන්තු කර ඇති අතර, 670කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි උපකල්පනය කර ඇති” බවයි.

මුංගාලෝ ​​කන්දේ නාය ගොස් දින දෙකකට වැඩි කාලයක් ගතවී ඇති අතර  කැණීම් යන්ත්‍ර සහ අනෙකුත් බර යන්ත්‍ර භාවිතයෙන් කැණීම් වේගවත් කරන බැවින් ඉදිරි දිනවලදී මෙම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රදේශයට ආහාර සහ ජල සැපයුම් සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, ආධාර ආයතන ඇස්තමේන්තු කර ඇති ව්‍යසනයෙන් පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඊයේ දින රාත්‍රිය වන විට මියගොස් සිටි පුද්ගලයින් පස්දෙනෙකුගේ සිරුරු සහ තවත් පුද්ගලයෙකුගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් සුන්බුන්වලින් අතරින් ඉවතට ගෙන තිබුණි.

ලෝක බැංකුවට අනුව පැපුවා නිව්ගිනියාව ලෝකයේ තෙත්ම දේශගුණයක් ඇති රටක් වන අතර මේ වසරේ පැපුවා නිව්ගිනියාව පුරා දැඩි වර්ෂාපතනයක් සහ ගංවතුරක් ඇති වී තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ