Monday, February 24, 2025

General line - 0115112241

වැඩිම වර්ෂාපතනය දෙනියායට



ඉකුත් පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පෙරවරු 07යි 26න් අවසන් වූ පැය 24 තුළ මිලි මීටර් 104ක වර්ෂාපතනයක් එම ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

කොටපොළ ප්‍රදේශයට මිලි මීටර් 93යි දශම 5ක වර්ෂාපතනයක්ද ලැබී තිබෙනවා.  

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද දිනයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙනවා.

බස්නාහිර සහ සබරගමු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

ප්‍රදේශ රැසක අද දිනයේද තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.