Monday, February 24, 2025

General line - 0115112241

අනුර කුමාර ජොන්ස්ටන්ගෙන් වන්දි ඉල්ලා අධිකරණයට

උදය කුමාර



තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකුගෙන් රුපියල් මිලියන 500ක වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගොනුකර තිබූ නඩුව අද යළි විභාගයට ගත්තා.

ඒ, කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේයි.

එම අවස්ථාවේදී නඩුවේ පැමිණිලිකරු වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා. සිය උපාධි සහතිකය ඇතුළු පාර්ලිමේන්තු ලේඛන අනුර කුමාර දිසානායක එහිදී සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව නඩු විභාගය ඔක්තෝම්බර් මස 27 වදා තෙක් කල් තිබුණා. 

2017 වසරේ ඔක්තෝබර් මස 15 වනදා ඒකාබද්ධ විපක්ෂ විසින් තංගල්ල නගර සභා ශාලාවේදී පැවැති රැස්වීමකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශයෙන් සහ එය විකාශය කිරීමෙන් සිය කීර්තියට වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබෙනවා.