පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් කේරළ ගංජා අලෙවි කළ සැකකරුවෙකු වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 29යි මිලිග්‍රෑම් 210 ක් සොයාගෙන තිබෙනවා.
ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වනවා.
දීර්ඝ කාලයක සිට පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් ඔහු කේරළ ගංජා අලෙවි කර ඇති බවටයි සිදුකල විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.