Monday, February 24, 2025

General line - 0115112241

එක්සත් ජනරජ පෙරමුණේ පළමු ජාතික සමුළුව අද



එක්සත් ජනරජ පෙරමුණේ පළමු ජාතික මහා සමුළුව අද පැවැත්වෙනවා.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පස්වරු 03ට එම සමුළුව ආරම්භ කිරීමට නියමිතයි.

සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි දේශය වෙනුවෙන් එක්වන පියවරක් මැයෙන් පළමු ජාතික මහා සමුළුව පැවැත්වෙන බවයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ.


ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව සිය දේශපාලන සන්ධානය පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් පැවසුවා.