මෙම මස අවසානයේදී ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත යුක්‍රේන සාම සමුළුවට චීනය බාධා එල්ල කරන බවට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි චෝදනා කරනවා.
ඔහු පැවසුවේ සාම සමුළුවට රටවල් සහභාගි වීම නැවැත්වීමට චීනය වෙහෙස මහන්සි වී වැඩ කරන බවයි.
ඊට හේතුව වන්නේ එම සමුළුව සඳහා රුසියාවට ආරාධනා නොකිරීම බව ද පවසමින් යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම චීනය විවේචනය කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
සිංගප්පූරුවේ පැවති ආරක්ෂක සංසදයේදී අදහස් දක්වමින් සෙලෙන්ස්කි මෙම අදහස් පළ කර තිබුණා.
ඔහු එහිදී සාම සමුළුවට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහයෝගය ලබා ගැනීමට උත්සාහ කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එමෙන්ම ඔහු එහිදී යුක්‍රේනයට තවත් හමුදා ආධාර ඉල්ලා තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ දී පැවැත්වීමට නියමිත සාම සමුළුව සඳහා චීනයට ද ආරාධනා කර තිබුණා.
එහෙත් චීනය පවසා ඇත්තේ ඊට සහභාගි නොවන් බවයි.