බංග්ලාදේශයේ අවාමි ලීගය මෑතකදී තහනම් කිරීමට විරෝධය දැක්වීම සඳහා බංග්ලාදේශ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත රැස්වී විරෝධතාවක් සිදු කර තිබේ.
ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.
අවාමි ලීගයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිටින නියෝජිතයින් විසින් මෙහෙයවන ලද මෙම විරෝධතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී බංග්ලාදේශ කමිටුව, බංග්ලාදේශ ඇමරිකානුවන්ගේ සම්මේලනය සහ ඇමරිකා බංග්ලාදේශ ප්‍රජා සංවර්ධන මුලපිරීම ඇතුළු මිත්‍ර කණ්ඩායම් වලින් විරෝධතාකරුවන් 75 ක් පමණ සහභාගී වූහ.
එහිදී විරෝධතාකරුවන් චෝදනා කළේ මුහම්මද් යුනුස් යටතේ පවතින්නේ ඒකාධිපති පාලනයක් බවයි.
එම නීති විරෝධී රජය ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ පක්ෂය වන අවාමි ලීගය තහනම් කර ඇතැයි ද ඔවුන් චෝදනා කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සත්‍ය වශයෙන්ම මැතිවරණ සඳහා සහය දක්වන්නේ නම්, එම තහනම ඉවත් කිරීම සහතික කළ යුතු බව විරෝධතාකරුවන් චෝදනා කර තිබේ.