ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලෝක නායකයින් රැසක් සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඒ අතරින් ආසියානු කලාපීය රටවල් ප්‍රමුඛයි.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ අග්‍රාමාත්‍යවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවේ ලඟම හිතමිතුරු රටවල් මෝදිට කලින්ම සුබ පැතුම් එක් කල බවයි.
ඒ අනුව නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත අඛණ්ඩව තෙවැනි වරටත් ලෝක් සභා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජය ලැබීම පිළිබඳව සුබ පැතුම් පිරි නමා තිබෙනවා.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීම සඳහා ඉන්දීය ජනතාවගේ උද්යෝගිමත් සහභාගීත්වය ද ඔහු ප්‍රශංසා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.
අග්‍රාමාත්‍ය මෝදිගේ පාලනය යටතේ දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ද සූදානම් බවයි නේපාල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.
නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් භූතාන ෂෙරින්ග් ටොබ්ගේ රජු ද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා.
සිය X ගිණුමේ සටහනක් තබමින් රජු පවසා ඇත්තේ ලෝකයේ විශාලතම මැතිවරණයෙන් අඛණ්ඩව 3 වැනි ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ මිත්‍ර අගමැති @narendramodi ji සහ NDA සන්ධානය වෙත සුබ පැතුම් එක් කරමි. ඔහු භාරතය ඉතා ඉහළ මට්ටමකට ගෙන යන බැවින්, අපගේ රටවල් 2 අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔහු සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි," යනුවෙනි.