මහ මැතිවරණයෙන් ජය ලැබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලෝක නායකයින් රැසක් සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ රටවල් 75 ක පමණ නායකයින් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර ඇති බවයි.
ඒ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙන්ම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද වනවා.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ජනාධිපතිවරයා ද දුරකථම ඇමතුම් ලබා දී මෝදිට සුබ පැතු බවයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක් ඇතුළු තවත් නායකයින් රැසක් ලෝක් සභා මැතිවරණයේදී පාලක එන්ඩීඒ සන්ධානයේ බහුතරය සහ ඔහුගේ ඉදිරි තුන්වන ධුර කාලය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඊයේ පස්වරුව වනවිට රටවල් 70කට ආසන්න විදෙස් නායකයන් 90ක් පමණ මෝදිට සුබ පැතුම් එක් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.
මෝදි සහභාගී වීමට බලාපොරොත්තු වන G7 සමුළුවට ලබන සතියේ සත්කාරකත්වය දරන ඉතාලි අගමැතිනි Giorgia Meloni ද යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy ද මෝදිට සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඉන්දියාවට අළුතින් පත් කරන ලද තානාපති Xu Feihong ද මෝදිට සුබපැතුම් එක් කරමින් කියා සිටියේ, දෙරටේ සහ කලාපයේ අවශ්‍යතා සහ අපේක්ෂාවන්ට අනුකූල වන, ශක්තිමත් සහ ස්ථාවර චීන-ඉන්දියා සබඳතාවයක් සඳහා ඉන්දියානු පාර්ශවය සමඟ ඒකාබද්ධ උත්සාහයන් කිරීමට තමා බලාපොරොත්තු වන බවයි."
ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් සහ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ද මෝදිට සුබ පැතූවා.
ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉරානය, සීෂෙල්ස් ජනාධිපතිවරුන් සහ නේපාලය, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, මොරිෂස් යන රටවල අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අප්‍රිකාවේ සිට නයිජීරියාවේ, කෙන්යාවේ, කොමරෝස් ජනාධිපතිවරු මෝදිට සුබපැතුම් පණිවිඩ නිකුත් කර ඇතැයි සඳහන්.