Tuesday, February 25, 2025

General line - 0115112241

එකම පවුලේ සිව්දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් අනතුරට

රංජිත් රාජපක්ෂ



හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ්, නිව්වැලිගම ප්‍රදේශයේදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කාසල්රි ජලාශය අසලට පෙරලී ගොස් තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ මොටර් රථයේ ගමන් ගත් එක් කාන්තාවක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි නොර්වුඩ් පොලිසිය පැවසුවේ.

මස්කෙලිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී ආපසු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය දක්වා ධාවනය කරමින් තිබු මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙකු සිටි බවයි පොලිසිය පැවසුවේ.